Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=13;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Wednesday, November 20, 2019 at 7:17:11 AM
Script:/trin-trin/article/13/
අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි
හුදෙක් මගේ ආරම්භය කුලියාපිටය දරුවා පිළිබදවම කතාකිරීම නොව. මාගේ උත්සහය දරුවකුගේ අධ්‍යාපන අයිතිය ගැන කතා කිරීමය.ඔබත් මමත් දන්නව නිතිය විසින්ම ස්ථාපිත කරන ලද අයිතීන් ප්‍රමාණයක් තියෙනව. ඒ තුලින් විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කැපි පෙනෙන්නක්. මොකද උගත් පිරිසක් ලොවට බිහි කිරීමේ හැකියාව ඇත්තේ අධ්‍යාපනය තුලය. මම අද මෙසේ ඔබට අකුරු සපයන්නේ අධ්‍යාපනය නිසා නොවෙද? ඒ වාගේම ඔබත් අද හොද රැකියාවක නිරත වෙනවා ඇත. මේ සියල්ලේම අයිති කරු අධ්‍යාපනයයි. පාසල යනු අපේ දෙවෙනි මවයි. එහිදී දරුවෙක් නිසි මගකට පැමිනෙනවා ඇත. එසේනම් පාසල යනු පොදු දේපලක්ය. පොදු දේ යනු රජය විසින් පුරවැසියාට දි තිබෙන දේපලයි.(පෞද්ගලික පාසල් අදාල නොවේ.) එහිදී පොදු දේ පාවිච්චි කිරීමට දුප්පත් පොහොසත් බේදයක් බල නොපායි.එසේනම් පොදු දේ පෞද්ගලික දෙයක් සේ සැලකිම මහා අනුවන ක්‍රියාවකි. එසේනම් විදුහල්පති වරයෙක්ට තියා කිසි කෙනෙකුට අයිතියක් නෑ දරුවෙක්ව පාසලකට ඇතුලත් කර නොගෙන සිටිම බාර නොගන්න ලෙස ඇවිටිලි කිරීමටත්. එම දරුවාව පාසලට ඇතුලත් කර නොගන්නේද එය දඩුවම් ලැබිය හැකි වරදකි. දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය උදුර ගැනීම හරියට කෙනෙකුගෙන් ඇස් දෙක උගුල්ලල දානව වගේ වැඩක්. එසේනම් දරුවාගේ ඇස් දෙක උගුල්ලනවාද නැතිනම් ඇස් දෙක පාදවා ඔහුව රටට පහනක් කර සැමටම එළිය විහිදෝනවාද කියා තීරණය කල යුත්තේ විදුහල්පති නොව. එය නියතවම එසේ සිදු විය යුතු කරුණක්ය. අද සමාජයේ සිදු වන්නේ එය විදුහල්පති තුමා විසින් තීරණය කිරිමට යාමය. එය තීරණය වන්නේත් මහ අසාධාරණ ලෙසය. මුදල්, බලය මේ සියල්ල ඇත්තාගේ ඇස් පාදවන්න උත්සහ දරන විදුහල්පති වරු මේ කිසිත් නැත්තාගේ ඇස් උගුල්ලා දැමීමට උත්සහ දරති. එය සධාරණයක් ලෙසනම් මා දකින්නේ නැත. එය නොවිය යුතු දෙයක්ය. විය යුත්තේ සියල්ලන්ගේම ඇස් පෑදවීමය.

පුංච් දරුවෙක් කියන්නෙ කිසි දෙයක් හරි හැටි නොදන්න පුංචි පුංචි දගකාරකම් කරන පුංචි මනසක් හිමි ජිවියෙක්. මේ ජීවියාව සියල්ලන්ගෙන්ම පරිපූර්ණ කිරීම අධ්‍යාපනය සතු කාර්ය බාර්යකි. එසේනම් ඔහුට හෝ ඇයට අධ්‍යාපනය ලබා දීම රජයේ වගකිමක් නොවෙද? කුලියාපිටිය දරුවා පිළිබද කතා කරනවානම් ඔහු පිරිමි දරුවෙක්ය. මව විසින් දරුවාව පාසලට ඇතුලත් කරීමට දරන උත්සහය අපමණය. ඒ ඇය පමණක් නොව සියළුම මව්වරුන්ගේ ඒ උත්සහය එසේය. දරුවාගේ පාසල් වයස් සීමාව සම්පූරුණ වන විට දරුවාට පාසලක් සෙවිම මවකට මහා බරක්ය. මා ඒ හා සතුව අත්දැකීම් ඇත්තියක්ය. මාගේ මල්ලීව පාසලට ඇතුලත් කිරීමට මගේ මව දරපු උත්සහය මට මතකය. එසේනම් මවක් දරුවෙක් පිළිබද නිතැතින්ම කනගාටු වනවා ඇත. මේ මව කෙතරම් දුක් උහුලන්න ඇතිද? පාසලට ඇලතුලත් කර නොගත්ත වගේම දරුවට සමාජ රෝග වැලදී ඇති බවද පවසනවා ඇත. දරුවෙක්ව පාසලකට ඇතුලත් කරගන්න දැන් DNA report පවා අවශ්‍යද? එක මොන මහා මොඩ ගොන් තකතීරු වැඩක්ද? මේ පුංචි දරුවාට වයස ඇති අවුරුදු 6ක් පමණ. මේ දරුවාට සමාජ රෝග වැලදෙන්න එනම් “ඒඩ්ස්“ යන්නා වූ රෝගය වැලදෙන්න මේ දරුව ලිංගිකව හැසිරී ඇති බවද ඔවුන් එයින් අදහස් කලේ. එය මහා තිරිසන් ගෝත්රික අදහසක්ය. මෙතරම් දියුණූ තාක්ෂණයක උරුමකමක් ඇති මේ වගේ රටක එවැනි සමාජ මතයක් පිහිටනවානම් මා දකින ආකාරයට ඔවුන් උගත් මෝඩයෝය. හොර දේෂපාලන කුමන්ත්‍රණ මගින් විදුහල්පතිවරු වුවා යැයිද සිතිය හැක. ඒඩ්ස් යනු සමාජ රෝගයක් විදියටයි අපි සියල්ලෝම දකින්නෙ.. මෙය බොවෙනව. නමුත් එය බෝවන්නේ ලිංගිකව හැසිරීමෙන්ම නොව. එය එසේ් සිතනවානම් ඔහු හෝ ඇය පිළිබද කතා කිරීම වචන අපතේ හැරීමක්ය. ඒඩ්ස් නම් වූ සමාජ රෝගය බොවීම සිදුවන්නේ ලිංගිකත්වය තුලින්ම නොව. රෝහලේදී ඔබට විදින බෙහෙත් කට්ටෙන් පවා එය බෝවිය හැක. සුළග මගින් පවා එය බො වීමට අවදානම ඇත. ඉතිං මේ පුංචි දේවත් දන්නෙ නැද්ද මේ කුලියාපිටියෙ ඉන්න මිනිස්සු.නමුත් ඔබ දන්නවා ඇත ලංකාවෙම දරුවෙක්ම තමා ඒඩ්ස් නම් වූ රෝගයට බෙහෙත් සොයාගත්තෙ. ඒ සියල්ලන්ම දැන දැනත් මේ හයක් හතරක් නොතේරෙන දරුවව මේ තරම් අසරණ කල හැකිද? මට සැක ඔවුන් මනුෂ්‍යයෝනොවෙද කියාය.. දරුවෙක් පාසලකට ඇතුලත් කිරීම අද සමාජයේ මවකට ඉතා අමාරු රාජකාරියක් බවට පත් වී ඇත. ලෙහෙසියෙන්ම ඇතුලත්කරගත හැක්කේ පගාව දිමෙන් හෝ විදුහල්පතිට කාම සැප ලබාදීමෙන්ය. මේව තමා දරුවෙක්ව පාසලකට ඇතුලත් කර ගත හැකි පහසුම ක්‍රම. නමුත් මන්නම් මේව දකින්නෙ ක‍ෂේරුකාවක් නැති පිරිමියෙක්ගෙන් සිදු වෙන ක්‍රියා ලෙස. නමුත් තමන්ගෙ දරුව වෙනුවෙන් විදුහල්පතිට සැප දෙන මව් වරුත් සිටිනව. එහෙම මව් වරු වැටලීම් වලදි අහු වෙලා සිටින ආකාරය ඔබ දැක ඇතැයි මා සිතනව. ඒව කොහොම කෙසේ සිදුවූවත් දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම විදුහල්පති වරයෙකුට තියා තම දෙමාපියන්ටවත් කිසි කෙනෙකුට සිදු කර හැක්කක් නොවේ.අවුරුදු 18ක් සම්පූර්ණ වන තෙක් දරුවෙක්ව පාසල් යැවීම පාර්ලිමේන්තුව විසින්ම ගෙන ආ නිති පටිපාටිය. නමුත් දුකයි නීතිය අන්ද විම ගැන. හුදෙක් පාසලක් තුලින් දරුවෙකු උගතෙක් වනවා සේම කාලකන්ණියෙක්ද විය හැකිය. එහි ආදීනව ඇත්තේ පාසලේ ගුරු දෙගුරු සම්බන්දය සතුවය. පගාවට අධ්‍යාපනය ලබා දෙන්නොන්ගෙන් අහන්න කැමති උබලත් ඉගෙන ගත්තෙ පගාව දීලද කියල... එහෙම පගාව දීල ඉගෙන ගත්තනම් පගාව ගැනීම සාධාරණයි. නමුත් මා දන්නා තරමින් අතීතයේ ඔබ පගාව දී අධ්‍යාපනයක් නොලබන්න ඇති. මොකද අතීතයේ සිටියෙ මිනිසුන් මිස තිරිසනුන් නොවේ. නමුත් අද එය හාත් පසින්ම වෙනස් වී මින්සුන් ලෙසට තිරිසනුන් බිහි වී ඇත. සාධාරණේ ඉල්ල ලැජ්ජ වුනත් කමක් නෑ අසාධාරනේට උදව් කරනවට වඩා ලැජ්ජ වෙන එක නිහතමානී කමක්. එසේනම් අධ්‍යාපනය නොදී සිටීම කිසිම හේතුවක් නිසා එවැනි දෙයක් සිදු වනවානම් එය නොදැක්ක ලෙස හිදින්න එපා. අපේ අයිතීන් කාටවත් ඕන විදියට බුක්තිවිදින්න දෙන්න එපා.විශේෂයෙන්ම අධ්‍යාපනය වැනි පොදු මාතෘකාවක් ඔස්සේ ගැටළු මතුවනවා යනු අනාගතය බිල්ලට දෙනවා වැනි කරුනක්ය. ආයේ වරක් වහල් සමාජයක් බිහි නොවන්න වග බලා ගත යුතුය. ඒසේනම් කිසිම දෙකින් අධ්‍යාපන අයිතිය යට ගැසිය නොහැක. එයට නිතිමය පියවර ගත හැක.

(මෙය පෞද්ගලික හේතූන් මත නොලියවුනු බවත් සහ සෑම විදුහල්පතිවරයෙකුටම අදාල නොවන බවත් සලකන්න. තොප්පිය සෙට්නම් දාගන්න)
දිනී ජයසේකර
9113

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය
ශිෂ්ඨ සම්පන්න මින්සුන්ගේ අශිෂ්ඨත්වය දෘෂ්‍යමාන වන්නේ සාධාරණය හා අසාධාරණය මත තර්ක කිරීමේදිය. යම් හෙයින් කෙනෙකුගේ අතින් වැරදීමක් වන්නේද එය පිළි ගැනීම ඔහුට ඔබින ගමන් රටාවක් බවත් එය නොපිලි ගැනීමත් ඔහුටම ඔබින්නා වූ ගමන් රටාවක් වනවා ඇත.

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.
කාලෝචිත තේමවක් නොවන මෙය කාගේත් අවදානය යොමු නොවූ පැතිකඩක් ලෙස දැක්විය හැක. එයින් සතුටු නොවන්නත් අපේ ආදුනික වැරදි සකසා ගැනීමටත් හැකි වනු ඇත නියතාප්තියෙන්ම. ඔබට මහත් සේ කම්පා කරවන මේ දසුන කුමක්ද? මෙය ඇත්තක්ද?

මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)

මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)
මා පෙර ඉදිරිපත් කෙරූ ලිපියෙහි සදහන්ව ඇති ආකාරයට අම්මා යන තේමාව හේතුවකින් උපන් දෙයකි. එහි අපරික්ෂාකාරී බවක් නැත. අකුරු තුනකින් සැදි එම පිවිතුරු වචනය සදා නොමැකෙන්නකි. මවක් යනු ලොව සියල් දුක් උහුලන්නියකි. ලස්සන ලස්සන අත්දැකිම් සමුහයකින්පරිනත වූ මා සිත නලියන්නෙ මේ අකුරු තුන නිසාය.