Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=2;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Wednesday, November 20, 2019 at 8:19:39 AM
Script:/trin-trin/article/2/
​යෞවනයට තටු ඇවිදින්.. Smart phone ඔහු සමගින්.... - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

​යෞවනයට තටු ඇවිදින්.. Smart phone ඔහු සමගින්....

​යෞවනයට තටු ඇවිදින්.. Smart phone ඔහු සමගින්....
හුදෙක් සමාජ ස්තරයන් හමුවේ ලාංකික යෞවනයේ වෙනසක් අද වන විට ඇතිවී ඇත. එහි දුප්පත් පොහොසත් වෙනසක් නොමැත. එහි ඇත්තේ තාක්ෂණයට වහල් වූ ඒ පසු පස හබා යන පිරිසකි. තාරුණ්‍ය පමණක් නොව මෙයට වැඩිහිටියන් පවා ඇබ්බැහි වී ඇත. "බීර වීදුරුවක් තොල ගාන්නා එයින් මත් වේ නම් තාක්ෂණයටද එවැනි මත් කර ලීමේ හැකියාවක් ඇත." එය එසේ වී ඇති බව අප නොදන්නා කරුණක් නොව පුවත් පතක් බැලුවත් රූපවාහිනිය නැරඹුවත් එහි අහන්න දකින්න ඇත්තේ මනස විකෘති කරන්නා වූ එවැනි තොරතුරුය.ගැහැණු දරුවකුගේ මුළු චරිතයම වැනසීමට හැකියාවක් ඇත මෙම දියුණු සමාජ වෙබ් අඩවියන්ට. මොහොතක් සිතන්න ඒ ඔබේ දරුවා විය හැක. සමාජ වෙබ් අඩවි යනු මිනිසා බිලි ගැනීමට සිටින්නා වූ රාක්ෂයෙකි. නමුත් රාක්ෂයා උවද අණට කීකරු කර ගත හැක. එවැනි ලෙස තම අණට යටත් කර එම තාක්ෂණයෙන් වැඩ ගැනීමට හැකි පිරිසකුත් ඉන්නා බව මතකේ තබාගන්න. එවැනි අයෙක් ලෙස ඔබද නම් කිරීමට හැකියාව ඇත. ඔබ ඔබෙන්ම ප්‍රශ්ණ කරන්න මමත් මෙසේ තාක්ෂණයේ රොබෝවරයෙක්ද කියා... අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට පුන්චි නිදහසත් මහ මෙරක් තරම් බව වටහා ගන්න. දෙමාපිය තුරුලේ නැලවෙන්න අවශ්‍ය දරුවා අද වන විට ෆේස්බුක් ඔස්සේ නැලවෙනවා විය හැක. සමහර දෙමාපියන්ට තම දරුවන් අහිමි වන්නේ ඔවුන්ගේම වැරදි නිසාය. තමන්ගේ දරුවන් කෙරේ වැඩි අවදානමක් යොමු කරන්නේ නම් ඔවුන්ගේ දරුවන්ව එවැනි අවදානම් වලින් ගලවා ගත හැකිය. සාමාජයක් දියුණු වීමට නම් තාක්ෂණයක් අවශ්‍යයි. නමුත් සමාජයේ මනුෂ්‍යා පිරිහීමට නම් තාක්ෂණයක් අවශ්‍ය නොවේ. සිතන්න ඔබේ නැගෙනිය හෝ ඔබේ දරුවා නිදහස බුක්ති විදීමට කැමැත්තෙකි. එය ඔබේ භාෂාවෙන්, ඒ කියන්නෙ මගේ භාෂාවෙන් පවසනවානම් "වයසෙ වැරද්ද" ලෙස කිව හැක. යෞවනය යනු නොහික්මුණු මානසිකත්වයක් ඇත්තා වූ අයය. මෙවැනි අය හරි වැරද්ද තේරුම් ගැනීමට පහු බසිනවා ඇත. නමුත් සියයට එකක් වගේ පිරිසක් යතාර්ථය තේරුම් ගෙන වැඩ කරනවා විය හැක. නමුත් සැවොම එකවගේ නොමැත. සහොදර සහොදරියන්ද එකිනකට වෙනස් වේ. මොකද අතේ ඇගිලි පහම එක හා සමාන නොවේ. එය ඔබද මාද හොදින් දන්නා කරුණකි.

ඉස්සර අපි ෆෝන් එකක් ගන්න ගොඩක් ආස කලා. ඒත් අපේ අම්මල අපිට ඒව අරන් දුන්නෙ සාමාන්‍ය පෙළ අවසන් වූ පසුවය. නමුත් එම දුරකථනයෙන් කල හැක්කේ කෝල් එකක් ගැනීමටත් එස් එම් එස් එකක් යවා ගැනීමට පමනි. නමුත් අද, අට වසරෙ දරුවෙක්ට තියෙන්නෙත් ස්මාර්ට් ෆෝන් එකක්. Face book , Twitter , MMS යන නොයෙකුත් වර්ගයේ සමාජ වෙබ් අඩවීන් තමා වටේ කැරකෙමින් සිටී. එසේනම් දරුවාගේ මරුවාට අත වනන්නේ තමන්ගේම දෙමාපියන් විසින් නොවෙද? නිසි වයසට පැමිණි පසු ඔහුට හෝ ඇයට ඒ නිදහස ලබා දිය යුතුය. නමුත් ඔවුන් පසු පස දෙමාපියන් රැදීමට වග බලාගත යුතුය. එහිදී දරුවාව උවද තමාට අවනත කර ගත හැක. යෞවනය යනු, "කුලප්පු වූ මී හරකෙක් බදුය". තමන් කරන්නෙ ඕනෙ මෝනාද තමන් නොකරන්න ඕනෙ මොනාද යන්න හරි හැටි අවබොධයක් නොමැත. එසේනම් වගකීම් ඇත්තේ දෙමාපියන්ටය. මා එසේ පැවසූ පමණින් දෙමාපියන් පිට වැඩි බරක් ඔසවා තැබුවාත් දරුවො වෙච්ච ඔබේත් මගේත් වගකීමක් බොලද නොවී රැවටීම් වලට හසු නොවී එවැනි දේ මග හැර සිටීම. එවිට ඔබත් මාත් නිසොල්මන්. යෞවනයට අතවනන්නෙ කවුරුත් තමන්ට ඇගිල්ල දික් නොකරන ලෙසට ජීවත් වන්න. මේ ඔබේ කාලයයි.
දිනී ජයසේකර
3220

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.

ගැහැණියක් නොවුන නිසාවෙන්ද ඔබේ හඩ මට අවධි නොවුනේ.
කාලෝචිත තේමවක් නොවන මෙය කාගේත් අවදානය යොමු නොවූ පැතිකඩක් ලෙස දැක්විය හැක. එයින් සතුටු නොවන්නත් අපේ ආදුනික වැරදි සකසා ගැනීමටත් හැකි වනු ඇත නියතාප්තියෙන්ම. ඔබට මහත් සේ කම්පා කරවන මේ දසුන කුමක්ද? මෙය ඇත්තක්ද?

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි
හුදෙක් මගේ ආරම්භය කුලියාපිටය දරුවා පිළිබදවම කතාකිරීම නොව. මාගේ උත්සහය දරුවකුගේ අධ්‍යාපන අයිතිය ගැන කතා කිරීමය.ඔබත් මමත් දන්නව නිතිය විසින්ම ස්ථාපිත කරන ලද අයිතීන් ප්‍රමාණයක් තියෙනව. ඒ තුලින් විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කැපි පෙනෙන්නක්. මොකද උගත් පිරිසක් ලොවට බිහි කිරීමේ හැකියාව ඇත්තේ අධ්‍යාපනය තුලය.

ගැහැණියකගේ මුළු ආත්මයම ඇගේ ගෞරවයයි.!!

ගැහැණියකගේ මුළු ආත්මයම ඇගේ ගෞරවයයි.!!
ගැහැණිය නම් වූ වචනයේ, පරිසමාප්ත අර්ථයෙන්ම හෙලි වන්නේ මෙලොව ගැහැණිය ලෙස නම් දරන්නා වූ ඇය මවක්, සොයුරියක්, බිරිදක් හා පෙම්වතියක් යන්නය.ඇගේ ගෞරවය ඇගෙ ආත්මය හා සමානය.