Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=4;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Monday, March 30, 2020 at 5:00:45 PM
Script:/trin-trin/article/4/
ඔවුනට අසම්මතයක් නොවූ ප්‍රේමය ලොවට අසම්මතයක් වෙලා... - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

ඔවුනට අසම්මතයක් නොවූ ප්‍රේමය ලොවට අසම්මතයක් වෙලා...

ඔවුනට අසම්මතයක් නොවූ ප්‍රේමය ලොවට අසම්මතයක් වෙලා...
ලෝකය විසින් නම් දරන්නාවූ අසම්මත ප්‍රේමය ලෙස හැදින්වෙන්නේ අප කවුරුත් දන්නා අනියම් ප්‍රේමයයි. ප්‍රේමයේ රසවින්දනය නිතැතින්ම දරන්නා කවදාවත් අනියම් ප්‍රේමයක් නොපතයි. නමුත් අද වන විට මෙම අනියම් ප්‍රේමය සමාජ රැල්ලක් බවට පත් වී ඇත. මෙයින් මිදී ඉන්නා පිරිස සියයට විසි අටක ප්‍රමාණයක් ලෙස හැදින්විය හැක. මෙම අනියම් ප්‍රේම සම්බන්දතා නිසා පන්සල් මෙන් ඇති පවුල් නිකරුනේ විසිරී යයි. එයින් අභාග්‍යසම්පන්න ජීවිකා ගෙවන්නේ ඔවුන්ගේ දු දරුවන්ය. හයක් හතරක් නොතේරෙන දරුවා කෘර ලෙස අතහැර දැමීමට ශක්තියක් වන්නේ මෙම අනියම් සම්බන්ධතාය. බොහො ඇසි දිසි පුවත් හමුවේ අපට දක්නට ලැබෙන්නේ "මවගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇගේ එකම දියණිය දූෂණය කර පලා ගොස්ය." ලංකාව ඉතාමත් සුන්දර රටක් ලෙස දැක්වූවේ අප අන් සමාජ පරතරයන්හී දක්නට නොලැබෙනා වූ අපටම ආවෙනික වු Culture එකක් නිසාය. කසාදය නම් වූ අකුරු සතර එකතු වී සෑදෙන්නාවූ වචනය පිරිසිදු දැහැමි චේතනාවකින් පවසන්නා වූ දෙයකි. එය යම් විදියකට පැවසුව හොත් එය බාවනාවකි. නමුත් මෙහි අනාපාන සතිය වඩන්නට පළමුවෙත්ම දෙදෙනා විසින්ම සිල් පද පහෙන් එක සිල් පදයක් කඩා හමාරය. අප මී මුත්තන් පවසන ආකාරයට කසාදයක් යනු පිරිමියාගේ හා ගැහැණියගේ දෙවෙනි ඉපදීමයි. නමුත් දැන් දැන් එය කියමනක්ම පමණක් වීය. විවාහ වීමට පෙරද අනියම් ප්‍රේම පවත්වන්නා විවාහ වූ පසුද එයට එසේම ලොල් වේ. දරුවාව පෙරපාසලට ඇතුළුකර අනියම් ප්‍රේම සොයනා අම්මලාල ඕනෑ තරම්. එවැනි අම්මලා ටොන් ගානට ඇතිය. ඒ වාගේම දරුවාව පාසලට දමා ගෙදර විත් තම සැමියාගේ හා දරුවාගේ වැඩපල කරන අම්මලාද මේ සමාජෙ සිටින වග අප මතක තබා ගත යුතුය. ඒ වාගේම තම පවුලේ දියුණුව තකා මහන්සි වන අප්පච්චිලාද ඕනෑ තරම්ය. නමුත් ඒ අතරින් අනියම් ප්‍රේමගේ විත්ති කරුවන්ද සැගවී සිටී. උසාවියේ විත්ති කරුවන් ලෙසටද පෙනී සිටවීමට මෙවැනි සම්බන්දතා මූලිකත්වය දරයි.

මාධ්‍යන් විසින් ගෙනෙන්නා වූ යම් යම් වැඩසටහන් ඔස්සේද මනුෂ්‍ය වර්ගයාගේ සිතුම් පැතුම් වලට බලපෑම් කිරීමේ හැකියාවක් ඇත. ඔබට මතකද යම් නාලිකාවක් ඔස්සේ විකාෂනය වු මහ ගෙදර නම් වූ අපට ආවේනික නොවූ නාට්‍යක් ඔස්සේ අප මනුෂ්‍යාට විස පෙව් ආකාරය. ඒ සමයේ පටන් දික්කසාද අපේ චාරිත්‍රයක් බවට පත් විය. විවාහය යනු චුයින්ගම් එකක්ය. මුල් සමයේ ඉතා රසවත්ය. පසුව එහි රසය අඩු වී ඇලෙන සුළු ගතියකි. අවසානයේ එය කසල බදුනකට සීමා වේ. විවාහත් එසේමය. කොලකෑල්ලක අත්සන දමා අයිතිය තහවුරු කරනවා පමනකි. පසුව ඔවුන ඔවුන්ට ඕනා ආකාරයට දිවි ගෙවයි. එසේ අවස්ථාවන් හීදි අනියම් ප්‍රේමය පහස සොයන්නෝ බොහෝය. කවුරුත් කැමතිද කෙනෙකුගේ හොර මිනිහ හො හොර ගෑණි යන නම පටලවා ගැනිමට? නමුත් මතකයේ දවටාගන්න එසේ නම් දරනා බොහෝ පිරිස් මේ සමාජයේ වෙසෙනා වග. මොහොතකට ඔබේ හිත නවතා ප්‍රශ්ණ කරනු..!!! ඔබත් මෙසේ ලොල් වූ අනියම් ලෝලියෙක්ද කියා...
දිනී ජයසේකර
9043

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...
සමාජ පංති පරතරය සහ දරිද්‍රතාව යනු මේ සමාජයේ දක්නට ලැබෙන අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව විටෙක කලු තිතක් සේ ඉස්මතු වන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන්නා වූ මෙවැනි පුංචි සිගිති දරුවන් නිසාය. නමුත් කිසිවෙකුට අවශ්‍යවී නොමැත මේ කලු පැල්ලම ඉවත් කිරීමට. එය එසේම පැවැත්වීමට ඔවුනට අවශ්‍යයෙන්ම උවමනා වී ඇත.

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය

අසාධාරණයට ලන්සු තිබූ සාධාරණය
ශිෂ්ඨ සම්පන්න මින්සුන්ගේ අශිෂ්ඨත්වය දෘෂ්‍යමාන වන්නේ සාධාරණය හා අසාධාරණය මත තර්ක කිරීමේදිය. යම් හෙයින් කෙනෙකුගේ අතින් වැරදීමක් වන්නේද එය පිළි ගැනීම ඔහුට ඔබින ගමන් රටාවක් බවත් එය නොපිලි ගැනීමත් ඔහුටම ඔබින්නා වූ ගමන් රටාවක් වනවා ඇත.

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි

අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම ඒඩ්ස් වලටත් වඩා මරාන්තිකයි
හුදෙක් මගේ ආරම්භය කුලියාපිටය දරුවා පිළිබදවම කතාකිරීම නොව. මාගේ උත්සහය දරුවකුගේ අධ්‍යාපන අයිතිය ගැන කතා කිරීමය.ඔබත් මමත් දන්නව නිතිය විසින්ම ස්ථාපිත කරන ලද අයිතීන් ප්‍රමාණයක් තියෙනව. ඒ තුලින් විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අයිතිය කැපි පෙනෙන්නක්. මොකද උගත් පිරිසක් ලොවට බිහි කිරීමේ හැකියාව ඇත්තේ අධ්‍යාපනය තුලය.