Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=7;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Wednesday, November 20, 2019 at 6:44:34 AM
Script:/trin-trin/article/7/
බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ... - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...

බලන් කඩතුරා හැර දෑසේ... දුප්පත් කමත් වලිගය නැති ගොනා වගේ...
සමාජ පංති පරතරය සහ දරිද්‍රතාව යනු මේ සමාජයේ දක්නට ලැබෙන අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව විටෙක කලු තිතක් සේ ඉස්මතු වන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන්නා වූ මෙවැනි පුංචි සිගිති දරුවන් නිසාය. නමුත් කිසිවෙකුට අවශ්‍යවී නොමැත මේ කලු පැල්ලම ඉවත් කිරීමට. එය එසේම පැවැත්වීමට ඔවුනට අවශ්‍යයෙන්ම උවමනා වී ඇත. එයින් ඔවුන්ගේ තත්වෙ තව තවත් ඉහල යනු ඇති යැයි ඔවුන් සිතනවා ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පුංචි මහත්තයෑ, පුංචි නෝනා යන නාමයන්ය. නමුත් ඔවුන් ඔබට මහත්තයෑ යන්න පවසන්නත් ඔවුනට ඒයි ඕයි යන්න පවසන්නත් ඔවුන් හා අප අතර ඇත්තේ කුමන වෙනසක්ද? වෙනස නම් අපිට කන්න අදින්න තිබීමද? ඔවුනට කන්න අදින්න නොතිබීමද? නැතිනම් ඔවුන් වීදියේ ජීවත් වන වීදි දරුවන් නිසාද.විටෙක ඔබට නොසිතුනාද මෙවැනිම ඇට මස් ලේ නහර සතු වූ ශරීරයක් අපටත් හිමි බව. වෙනසකට තියෙන්නෙ අපි කන්නෙ උයපු බත්. අදින්නෙ කඩෙන් ගත්ත ඇදුම්. නමුත් මොවුන් කන්නෙ සමහර විට කවුරුන් හො දුන්න දෙයක් වෙන්න ඇති. අදින්නෙ තව කෙනෙක් ඇදපු ඇදුමක් වෙන්න ඇති. ඒකද වෙනස. ශුක්‍රාණුවකින් ඇතිවන්නා වූ ජීවීන් වන අප සියල්ලෝම මවකගේ කුසක දසමසක කාලයක් ගතකර ලොවක එළිය දකින්නේ ජාති, ආගම්, කුල මල භේද කිසිත් නැතිවය. ඉපිද තප්පරෙත් ගතවෙන්න මත්තෙන් ඇගේ හෝ ඔහුගේ ඒ සියල්ල ඒකමතික වී අහවරය.ඔහු දුප්පතෙක්ය. ඇය පොසතෙක්ය. ඔහු වීදි දරුවෙකි. එසේනම් ඔහු සිගමනේ යා යුතුය. මාලිගාවේ ඉපදුනු ඇය දිලින්දන්ට අණ දිය යුතුය. ඔවුන් ලවා වැඩ කරවගත යුතුය. ඇය පමණයි ශිල්ප උගත යුත්තේ අනෙකා තමාට ආවතේව කල යුතුයි. නමුත් මේ සියල්ලම බිහි වන්නේ එකම ආකාරයෙන් යන්න කිසිවෙකුට ගානක් නැතිව ඇත. වෙනසකට ඇත්තේ මව්වරුනගේ වෙනස පමණි. දැන් පවතින සමාජ තත්වෙටම පමනක් ගතු කීවාට පලක් නොමැත. මොකද මෙමෙ සමාජ පංති පරතරය රජ සමයේ සිට පැවත එන්නක්. එය ඒ කාලයේ සිට පැවත ආ දුර්වලකමක්ය.ඒ දුර්වලකමින් දැන් සිටින පාලකයින් ප්‍රයෝජන ගන්නවායැයි ඔබට මොහොතකට සිතී නැතිද? ඔබ දන්නවා ඇත මේ ලෝකෙ දුප්පත් රටවල් 75කට අධික ප්‍රමානයක් තියෙන බව.වාසනාවකට වගේ ඒ රටවල් අතරට අපේ රට ඇතුලත් නෑ. විශේෂෙන්ම ඒ රටවල් 75 අතර ප්‍රධාන ලෙස කැපී පෙනෙන සිම්බාබ්බෙ, පිලිපීනෙ, සෝමාලියාව වැනි තවත් රටවල් මේ අතර වේ. මොන රටේ මොන ආගමේ මොන ජාතියේ වූවත් මේ සියල්ලෝ මිනිසුන් නේද? ජාති බේද පැත්තකට විසිකරල එකාමෙන් සහයොගෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් තිබුනනම් අද මේ සමාජෙ මොන තරම් ලස්නද. ඔබ දන්නවද මේ ජාති භේද හා පංති පරතරය යන තර්ක දේශපාලනයේ අවියක් වී තිබෙන බව. අද දෙශපාලකයො දේශපාළුවො වෙලා රටක දුප්පත් කමින් ප්‍රයෝජන ගන්න එක් පිරිසක් දේශපාලකොය ලෙස නම් කල හැකිය. උදාහරණයක් විදියට ඡන්ද අපේක්ෂකයෙක් යනව ජන හමුවකට ඔහු ජනතාගෙ ඉල්ලීම් ලබා දෙන්න පොරොන්දු පිට පොරොන්දු දෙනව.නමුත් ඔහුගේ ආසනය ඔහුට ලැබුන පමණින් අර සියල්ල අමතක වෙනව. ඒ සියල්ල යටතේ අසරණ ජනයාගේ දහසකුත් බලාපොරොත්තු ගගකට ඉනි කැපුවා වැනිය. අපේ එක් මනාපයක් නිසා රටකට ලොකු බලපෑමක් සිද්ධ වෙනව ඒ දේ ඔබ හා මමද හොදින් දන්නා කරුණකි. ඒ කරුණු කෙසේවෙතත් මේ අසරණයන්ට කාගේ පිහිටක්ද? ඔය ඇස්වල කබ පිහදාල බලන්න. ඔබට නොපෙනෙන ලෝකයක් තියෙන බව දැක ගන්න. ඒ දැක්ම ඔබට බොහො සේ වටීවි. ඒ වටිනාකමට වටිනාකමක් දෙන්න පුළුවන් තවත් මනුෂ්‍යෙයකුටම පමණි. කදුලෙන් කදුල හලන දරුවන් වෙත අනුකම්පාවට වඩා ආදරයයි අත්‍යඅවශ්‍යය. ඒ ආදරයෙන් දුප්පතුන් පොහොසතුන් කර හැකිය. ලිපක උයපු ඉදුල් පිඩක් කට නොගෑ ඒ තොල් දන්නෙ නැතුව ඇති එහි රස. ඔවුන් ඒ රස හදුනන් නැතුව ඇති. ඒ රස ඇතුලෙ අමුතුම ජීවයක් තියෙන බව ඔවුන් කතාවකටවත් අසා නොමැත ඇතිය. ඒ වාගේම මේ වීදි දරුවන් දන්නෙ නැතිව ඇති හොඩියෙ තියෙන්නෙ මොනවගේ අකුරුද කියලවත්. ඔබේ පුංචි දරුවව සීරීමක්වත් සිදුවෙන්න නොදී පයට පාවහන්ද හිසට හිස්වැසුම්ද දා ආරක්ෂා කරනව නමුත් මේ දරුවන්ට පයට පාවහන් තියා ගතට නිසි ඇදුමක්වත් නැතිය. නමුත් ඔවුන් ගෑණුදරුවන්ද විය හැක. කවුරුන්ද ඔවුන්ව ආරක්ෂා කරන්නෙ? ඔවුන්ව ආරක්ෂා කරන්න කව්රුත් නෑ. ඔවුන්ට ඔවුන් පමණයි. නමුත් අපට හැකියි ඔවුන්ට පුංචි හෝ සෙවනක් ලබා දීමට. ඒ සෙවනෙ ඔවුන්ට අවශ්‍යය ආරක්ෂාව වැඩියත් එක්ක තියේවි. දරිද්‍රතාවය යනු ඔවුන්ගේ නොලැබීම නොවේ. එය සමාජය විසින් ඇති කරන්නා වූ පරතරයකි. ඒ පරතරය නැති කර හැක්කේද සමාජය විසිනි.
දිනී ජයසේකර
7522

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා

ගනිද්දි මට පෙව්න ඩෙනිම අදිද්දි චෝදනාවක් වෙලා
දියව් දියව් අපේ ඩෙනිම අපිට දියව් සමහර අය මේ විදියට ඉල්ලීම් ඉල්ලද්දි ඒව ගානක්වත් නැතිව ඩෙනිම් අදින්නෙ අපි. ඔවු මේ අපි. ඒ කියන්නෙ කෙල්ලො. හරිම සරලයි.

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...

අපි කාටත් “එකම ලේ“ ඒ නිසා කැක්කුම වැඩියි...
ඉනිදියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ලංකාව පුංචි රටක් බව අපි කවුරුත් දන්නා කරුණකි.මේ පුංචි රට මහා දැවැන්ත තැනකට ගේන් උත්සහ දරන පිරිස් බොහොය. අතීතයේ සිට මෙම ප්‍රයත්නය දරන පිරිස් බොහෝ වෙති.

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....
උප්පැන්නයේ නාමිකයට අමතරව අප දරන නාමිකයන් බොහෝය. නමුත් ඒ නාමිකයන් අතරින් එක් නාමිකයක් ලෙස ගණිකාව නම් වූ නාමිකය හදුන්වාලිය හැක. මෙවැනි නාම මාත්‍රා යොදන්නෙ අප සමාජය විසින්මය.