Database Error
Message:MySQL Query fail: UPDATE `TABLE_TRIN` SET `hits` = `hits` + 1 WHERE id=8;;
MySQL Error:Table 'ananmana_mp3latest.TABLE_TRIN' doesn't exist
Date:Monday, March 30, 2020 at 3:54:24 PM
Script:/trin-trin/article/8/
ගැහැණියකගේ මුළු ආත්මයම ඇගේ ගෞරවයයි.!! - Trin Trin (ට්‍රිං ට්‍රිං ) | Ananmanan.lk

ගැහැණියකගේ මුළු ආත්මයම ඇගේ ගෞරවයයි.!!

ගැහැණියකගේ මුළු ආත්මයම ඇගේ ගෞරවයයි.!!
ගැහැණිය නම් වූ වචනයේ, පරිසමාප්ත අර්ථයෙන්ම හෙලි වන්නේ මෙලොව ගැහැණිය ලෙස නම් දරන්නා වූ ඇය මවක්, සොයුරියක්, බිරිදක් හා පෙම්වතියක් යන්නය.ඇගේ ගෞරවය ඇගෙ ආත්මය හා සමානය. යම් විටෙක ගැහැණිය ලෙස අපට පෙනෙන චායාව සමාජෙට වෙනමාකාරයකට දර්ෂණය වේ. එය මෙසේ දැක්විය හැක.

ගෙදර දරුවන්ට තම මව වූ ඇය, සිය සැමියාට බිරිද වූ ඇය, යම් විටෙක සමාජෙට ගණිකාවක් ලෙස දර්ෂණය විය හැක. ඒ වගේම තම ප්‍රේමවන්තයාට ප්‍රේමවන්ති වූ ඇය බඩුවක් ලෙස සමාජෙට දර්ෂණය විය හැක. එසේ බලන විට අද මේ සමාජෙ ජීවත් වෙන කවුරුත් හොද ගැහැණු නොවෙද? මා එයට එක හෙලා විරුද්ධය. යම් කෙනෙක් එසේ පවසද්දී මට කට පියා අතපය හකුලවා ඉදිය නොහැක. ඒ මාත් ගැහැණියක් වන නිසාම නොව. එය මහා අසාධාරන කතාවක් නිසාය. ගැහැණු දරුවෙකුට නිසි වයස පැමිණි පසු ඇය ප්‍රේමයක පැටලෙනවා නියතය. එසේ පැටලවෙන්නෙ නැති පිරිසකුත් සමාජෙ ඉන්නව. නමුත් බොහෝ පිරිසක් ඒ ප්‍රේම පලහිලවුවල පැටලෙනවා නියතයි. යම් විටෙක එකක් නොව දෙක තුනකම පැටලෙනවා විය හැක. එසේ වූ පමණින් ඇය බඩුවක් ලෙස පච කරන්නෙ මන්ද යන්න මට අදහා ගත නොහී කරුනක්ය. යම් විටෙක එය පිරිමින්ගෙ අනුවන ක්‍රියාවක් ලෙසද දැක්විය හැක. මා මෙවැනි දෙයක් කීමට පෙලඹවූවේද පිරිමි ළමයෙකුගේම අමානුෂික කතාබහක් නිසාමය එසේනම් මා මෙය කියන්නෙ අද්දැකීම් සහිතය.

"දින තුන හතරකට ඉහතදී මම පන්ති ගියපු වෙලාවක මගේ මිතුරිය මා කරා එලබ මට පැවසූවේ දිනී මන් මගෙ ආදර සම්බන්දය(affair) නැවැත්තුවා යන්නය. මන් එක හෙලා පැවසුවේ ඉතිං කොච්චර හොදද යනුවෙන් පමණි. මට එසේ පවසන්න කරුණු කිහිපයක් මූලික වුනා. ඒ කරුණූ මා හිතේ පතුලෙම කැකෑරෙමින් තිබුනෙ. නමුත් ඇයට ඒ වග මන් නොපෙන්වා හිදීමටද කටයුතු කලා. ඉන් පසු මන් පැවසුවෙ ඇත්තටම මන් ඔයා වුනානම් වෙලහකටත් ඔය සම්බන්දෙ නවත්ල යනුවෙනි. මන් දන්නව දිනී ඒක. යනුවෙන් ඇගේ වචන ස්වල්පය විය." මන් එසේ පවසන්න කරුණු කිහිපයක් මුල් වුනා කීව ඔබට මතක ඇති. ඒ කරුණු ඔබ දැන සිටියහොත් ඔබ යම් සේ සිතයි ඔහු පිරිමියෙක්ද කියා. මටනම් ඔහුව පෙනුනෙ කොන්ද පණ නැති කෙල්ලොන්ට පාට් දාන බබා අයියෙක් විදියට පමණයි.මාගේ මිතුරිය මීට මාස තුන හතරකට පෙර හමු වූවෙකි. නමුත් ඇය මා හා ඉක්මනින් මිතුරියක වූවාය. ඇය විටෙක මා හා ඇගේ ප්‍රේමවන්තයා ගැන කතා කලා මතකය. නමුත් ඇය එදා මට ඔහු ගැන කිසිදෙයක් නොකී බැවින් ඇගේ යම් ක්‍රියාවක් නිසා මට එසේ අගේ ප්‍රේමවන්තයා පිළිබද ඇසීමට සිදුවිය. "ඇය පන්ති ආපු දවසක පැමීනීමේ සටහන ලබා ගැනීමට බෑ කීව මතකයි. එදා මන් ඇගෙන් ප්‍රශ්ණ කලේ ඒ ඇයි යනුවෙනි. ඈ පැවසූවෙ " අනේ බෑ දිනී. මගෙ අයිය මට බනිනව මන් පන්ති එනව කියල." මගෙ සිත කොපයෙන් පෙලුන නිසාමද කොහෙදො මගෙ කටින් පිට වූවේ මා නොසිතූ වචන පෙලක්ය."ඒ මොන පිස්සෙක්ද? ඔයා යාළුවෙලා ඉන්නෙ මනුස්සයෙක් එක්කද?" යනුවෙන් මාගේ වචන හුවමාරුව සිදු විය. "ඔවු දිනී. මන් එයා එක්ක ඉන්නව මිසක් වෙන කෙල්ලෙක් එහෙමනම් එයාව දාල ගිහින්. එයා මේ පැමිණීමේ පොත ඉල්ලනව. දුන්නෙ නැත්නම් මට කුණුහරුප කියල බනිනව. ගෙනිහින් පොතේ පැමිණිම තිබුනොත් ඒත් බනිනව. මට හරියට වද දෙනව දිනී." මගෙ කටින් පිට වුනේ අනේ මන්ද කෙල්ලෙ යන වචන කිහිපය පමණි.මට එතනින් එහාට ඔවුන්ගේ සම්බන්ධයට මැදිහක් විය නොහැකි නිසාය. අන්න ඒ මූලික සාධක හේතුවෙන් තමා ඇය ඇගේ ප්‍රේම සම්බන්ධය නැවැත්තුව කියන විට මගෙ කටින් කොච්චර හොදද යන්නෙන් පිට වූවේ. එදා පන්ති ඇරිල ගෙදර යන්න හදනවිට ඒ පිරිමි ළමය පන්තිය ගාවට ඇවිත් හිටිය. ඔහු ඇයට නොසෑහෙන්න බැන්න ඇයට කියන්න පුළුවන් උපරිම කුණුහරප යොදල බැන්න.නමුත් එය අසා සිටියම නොහැකිවම මගෙ කටින් ඒ කොල්ලට කියවුනේ තමුසෙ ඔයිට වඩා කෙල්ලොන්ට ගරු කරන්න ඉගෙන ගන්නව යන්න පමණි."

ඔහුගේ ඒ අසාමාන්ය හැසිරීම මන් ඒ පිරිමි ළමයගෙන්ම පමණක් දැක්ක දෙයක් නෙවේ. තව කිහිපාකාර පුද්ගලයන්ගෙන් මා එවැනි ක්‍රියා කලාපයන් දැක තිබෙනවා. එසේ ගැහැණියකට සැලකීම පවක් ලෙස ඔවුනට නොසිතෙන්නේ මන්ද? ඇයි ඔච්චරට සිහියක් නැත්තෙ මාත් මේ ලොකෙට ආවෙ ගැහැණියක් නිසා යන්න වග. ඒ තරම් ඔවුන්ගේ සිහිය විකල් වීද? ගැහැණියක් පිරිමියෙකුට ආදරය කරන්නේ තමාගේ මුළු ආත්මයෙන්මය. එසේනම් ඇගේ ආත්මය රැකීම, එයට ගරු කිරිම පිරිමින්ගේ රාජකාරියක් නොවෙද? එය ගැහැණියක්ට කෘතගුණ දැක්විමක්ය. ගැහැණියකට ගරු කරන පුද්ගලයා තම මවට කිසිදාක දුකක් නොදේ, යන්න මගේ මව පෙර දිනක කීවා මට මතකය. එහි ඇති සත්‍යතාවය මට දැන් දැන් වැටහෙනා කරුණකි. ගැහැණිය නම් වූ චරිතය මේ ලොව ඇති සුන්දරම වස්තුවයි. එය කෙලෙසන්න බලන් ඉන්න උකුසු ඇස් බොහෝය. ඒ ඇස් දවසක ඔවුන්ගේම නැගෙනිය, මව, බිරිද හෝ ප්‍රේමවන්ති ගොදුරක් කරගත්තොත් එදාට ඔවුන් සිල් රැක්කා සේ පාරට බහියි. නමුත් ඔවුන්ට එදාට මතකෙ තියෙන් නැති වෙයි මගෙ අතිනුත් මෙවැනිම වරදක් සිදු වූවා යන කාරනාව. එසේනම් ගැහැණිය ඔබට පුදන ආත්මය ආරක්ෂා කිරීම පිරිමි ඔබ සතුවය. මේ මා පැවසූ දේ යම් සේ යම් පුද්ගලයන්ට බලපානු නොලැබේ. මොකද ගැහැණුන්ට ගෞරව කරන යම් යම් පිරිස් රටේ ඇති නිසා.
දිනී ජයසේකර
11911

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා

තනි මංසල මග රැක්කට ඇගේ චරිතෙ අළු වූවා
මේ දිනවල ඔබත් මමත් සැම විටම දකින්නා වූ ඡායාරූප පෙලක් හමු වුවා මතක ඇතිය. දැනටත් එම ඡායාරූප යම් තාක් ආන්දෝලනාත්මක ලෙස පැතිරෙනවා ඇත. තම ප්‍රේම වන්තයාගෙ නිත්ම යෑම නිසා ඇය සිය දිවි හානි කරගත්තා යැයි සමාජ වෙබ් අඩෙවි ඔස්සේ ප්‍රචාරය වූවාය.

මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)

මැනලද පුතේ කිරි දුන්නේ මන් නුබට... (II කොටස)
මා පෙර ඉදිරිපත් කෙරූ ලිපියෙහි සදහන්ව ඇති ආකාරයට අම්මා යන තේමාව හේතුවකින් උපන් දෙයකි. එහි අපරික්ෂාකාරී බවක් නැත. අකුරු තුනකින් සැදි එම පිවිතුරු වචනය සදා නොමැකෙන්නකි. මවක් යනු ලොව සියල් දුක් උහුලන්නියකි. ලස්සන ලස්සන අත්දැකිම් සමුහයකින්පරිනත වූ මා සිත නලියන්නෙ මේ අකුරු තුන නිසාය.

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....

කුණු කොල්ලෙට යන ගණිකාවෝ....
උප්පැන්නයේ නාමිකයට අමතරව අප දරන නාමිකයන් බොහෝය. නමුත් ඒ නාමිකයන් අතරින් එක් නාමිකයක් ලෙස ගණිකාව නම් වූ නාමිකය හදුන්වාලිය හැක. මෙවැනි නාම මාත්‍රා යොදන්නෙ අප සමාජය විසින්මය.